රට විරුවෝ ගැන මහ බැංකුවෙන් මුළු ලංකාවටම කිව්ව සතුටු පුවත - විදේශ ප්‍රේෂණ අ.ඩොලර් මිලියන 767 පනී
2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකන් ඩොලර් මිලියන 767.9ක ඉහළ අගයක් වාර්තා කර ඇත.
මෙම අගය ඉකුත් වසරට සාපේක්ෂව 19%ක වර්ධනයක් වන අතර, 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකන් ඩොලර් මිලියන 646ක් විය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ (2026) මුල් මාස හතර තුළ පමණක් අමෙරිකන් ඩොලර් මිලියන 3,062.8 ක විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට හිමිව තිබෙනවා.
මේ අතර ලාංකික ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදෙස් රැකියාවල නිරත වීමට, ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති විදේශ ප්‍රතිපත්ති අනුව විදේශ රටවල් සමඟ අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම, පුහුණු ශ්‍රමිකයින්ට නව රැකියා වෙළෙඳපොළ හදුන්වා දීම සහ විදේශ ශ්‍රමිකයන් හට සුභසාධන ප්‍රතිලාභ ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රමවේදයන් බලපා ඇති බව සඳහන්.
ඒ අනුව 2026 මුල් මාස හතර තුළ විදේශ ගත වූ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය 79,954 ක් වන අතර එයින් වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවන්ට පිටත්ව ගිය පිරිස් බව සඳහන්.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන ආකාරයට එම පිරිස 17,012 ක්. එසේම අමෙරිකන් ඩොලර් බිලියන 8කට අධික වූ ශ්‍රී ලංකා ඉතිහාසගත වැඩිම විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් 2025 වර්ෂය තුළ වාර්තා වීමද සුවිශේෂි කරුණක් වේ.