ලංකාවට ලෝක ලැජ්ජාවක් - ලොව අඩුම පඩි දර්ශකයේ අඩුම වැටුප් දෙන රටක් ලෙස ලංකාව ලෝකෙම පිළිගනියි

Report

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist ආයතනය නිකුත් කළ ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතුරින් ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.

එක් එක් රටවල පවතින ජීවන වියදම සහ සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අනුව සකස් කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ මාසික අවම වේතනයේ මිලදී ගැනීමේ හැකියාව ඇමරිකානු ඩොලර් 200ක් වශයෙන් දක්වා ඇත.

එසේම මිලදී ගැනීමේ හැකියාව අනුව මාසිකව ඩොලර් 3,804ක අවම වේතනයක් හිමි ස්විට්සර්ලන්තය ලොව ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

මේ අතර පළමු රටවල් 10 අතරට ඇතුළත් වන අනෙකුත් රටවල් වශයෙන්, ජර්මනිය: ඩොලර් 2,928, එක්සත් රාජධානිය: ඩොලර් 2,902, නෙදර්ලන්තය: ඩොලර් 2,876, ඕස්ට්‍රේලියාව: ඩොලර් 2,819, බෙල්ජියම: ඩොලර් 2,752, අයිස්ලන්තය: ඩොලර් 2,730, නවසීලන්තය: ඩොලර් 2,673, ප්‍රංශය: ඩොලර් 2,465, අයර්ලන්තය: ඩොලර් 2,433 එම වාර්තාවට ඇතුළත් වේ.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

එමෙන්ම ආසියාවේ ඉහළම අවම වේතනය හිමි දකුණු කොරියාව (ඩොලර් 2,362) ලෝක මට්ටමින් 11 වැනි ස්ථානයටත්, ජපානය (ඩොලර් 1,839) 16 වැනි ස්ථානයටත් පත්ව ඇති බව වාර්තා වේ.

එසේම දකුණු ආසියාතික රටවල් අතුරින් ශ්‍රී ලංකාව පහළින්ම පසුවන අතර, අසල්වැසි රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවෙයි. එබැවින් පාකිස්ථානය: 68 වන ස්ථානය (ඩොලර් 570), නේපාලය: 78 වන ස්ථානය (ඩොලර් 490), බංග්ලාදේශය: 89 වන ස්ථානය (ඩොලර් 379), ඉන්දියාව: 111 වන ස්ථානය (ඩොලර් 233) ලෙසයි දැක්වේ.

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

මේ අතර මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ නයිජර්, භූතානය, හයිටිය, ගිනියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සියරා ලියොන්, ඝානාව, කිර්ගිස්ථානය, ගිනි-බිසව් සහ ගැම්බියාව (ඩොලර් 67) යන රටවල් 10 යි.

එමෙන්ම සෘජු ඇමරිකානු ඩොලර් ආදායම වෙනුවට පවත්නා දේශීය මිලදී ගැනීමේ හැකියාව මත මෙම අගයන් පරිවර්තනය කර තිබෙන අතර, බදු හෝ වෙනත් අමතර දීමනා මීට ඇතුළත් නොවන බව Visual Capitalist වාර්තාව වැඩිදුරටත් දක්වයි. 

ලංකාවම හිරි වැටෙන අනතුරු ඇඟවීමක් - නේපාල ඛේදවාචකය වැනි සිදුවීම් ලංකාව තුළත් සිදුවිය හැකි බවට රතු එළියක්

ලංකාවම හිරි වැටෙන අනතුරු ඇඟවීමක් - නේපාල ඛේදවාචකය වැනි සිදුවීම් ලංකාව තුළත් සිදුවිය හැකි බවට රතු එළියක්

සමිතා මුදුන්කොටුව ගැන පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත ගැන සමිතයි කාවින්ද්‍යායි දෙන්නම නිහඩතාව බිදියි

සමිතා මුදුන්කොටුව ගැන පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත ගැන සමිතයි කාවින්ද්‍යායි දෙන්නම නිහඩතාව බිදියි

Gallery