සමිතා මුදුන්කොටුව ගැන පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත ගැන සමිතයි කාවින්ද්‍යායි දෙන්නම නිහඩතාව බිදියි

Report

රටක් ආදරය කරන ප්‍රවීන ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ .

ඒ අයව කනස්සල්ලට පත් කරමින් ඇයට රෝගයක් ඇති බවට සමාජ මාධ්‍යයේ කතාවක් නිර්මාණය වී තිබේ .

මේ ගැන ඇය විසින්ම ෆේස්බුක් හරහා වීඩියෝවකින් සදහන් කළේ මෙවන් අදහසක්

මම මේ වීඩියෝ එක කරන්නේ මට සහ මගෙ පවුලේ අයට ආදරේ කරන ඔයාලා වෙනුවෙන් .මට අසනීපයි කියලා යූටියුබ් එකේ  AI වීඩියෝ එකක් දාලාඑක වෙලාවකට හිනහත් යනවා. හිතන්න ඕනේ මෙහෙම අසනීපයක් ගැන දාද්දී එයාලටත් පවුලේ අයටත් . එයාලට දරුවො ඉන්නවන්ම් ඒ අයටත් ඒ හම්බ කරන සල්ලි වගතුගක් නෑ කියල .මම තමයි ඒ වීඩියෝ එකෙන් කතා කරලා තියෙන්නේ හැබැයි. මම ගැන නෙමේ කියන්නේ . අවුරුදු 5 කට කළින් නැතිවුන අම්මා වෙනුවෙන් තමයි මම ඒ වීඩියෝ එක කළේ අවුරුදු 5 කට කළින් . ඒකේ කොටස් එඩිට් කරලා තමයි AI වීඩියෝ එකක් විදිහට මට අසනීපයක් තියනවා කියලා හදලා දාලා තියෙන්නේ . ඇත්තටම සල්ලි නැත්නම් මට එයාට උදව් කරන්න තිබුණා . ඇත්තටම ඒක කැත වැඩක් . මට ආදරය කරන අය ගොඩක් මට කතා කළා. අපිනම් අපි වෛර කරන කෙනෙකුටවත් මේවගේ අසනීපයක් හිතන්නේ නෑ.ඔයාල විශ්වාස කරන්න එපා මේවගේ දේවල් .

ඒ වගෙම ඒ ගැන එතුමියගේ  දුව  කාවින්ද්‍යා  අධිකාරි සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සදහන් කලේ මෙවන් අදහසක්

ඉවසං ඉන්නවා හැමදාම මොන මගුල දැම්මත්.. හැබැයි මේ වගේ බොරු කතා පතුරුවන එක ගැන නම් ඉවසන්නේ නෑ... ඇත්තටම අත පය තියෙනවා නම්, මෙච්චර කතා හොඳට ගොතලා බොරු දේවල් කියන්න, කරන්න, හදන්න වෙලාවක් තියෙනවා නං අනුන්ගේ ජීවිත ගැන බොරු නොදා තමන්ට වැඩක් වෙන දෙයක් කරගන්න උත්සහ කරන්න බැරි ද?

තව මනුස්සයෙක් ගෙ ජීවිතේ ගැන බොරු ගොතලා මොකක් ද ඒ ලැබෙන අමුතු ලල් එක? මීට ටික කාලෙකට කලින් මම මහණ වෙලා කිව්වා, මම කෝටිපති ව්‍යාපාරකයෙක් එක්ක යාලූයි කිව්වා, මම බැන්ඳට පස්සේ මාසෙකින් divorce කිව්වා, මෑතකදී මම pregnant කියලා, දවස් කීපයකින් මගෙ ළමයා නැති වෙලා කිව්වා...

මෙවැනි නොයෙක් කටකතා පැතිරුණා. හැබැයි සමහර දේවල් ඉවසන්න අමාරුයි. මං ගැන ඕන මගුලක් දාගන්න, මට ඒක ඉවසන්න පුලුවන්. හැබැයි මෙවැනි දරුණු කටකතා මම ඉවසන්නේ නෑ! මේ රටේ ලෝකේ වෙන දේවල් අප්පිරියයි...

සමහර මිනිස්සුන් ගෙ හිත්වල තියෙන එවා අප්ප්‍රසන්ණයි!

මනුස්සකං ඉහලින් තියෙන රටක් කිව්වාට කෝ? මනුස්සයෙක් ව රිද්දලා, ඔවුන් ව අසරණ කරලා දාන එක ද මනුස්සකම?

මගේ මම්මා (අම්මා ගෙ අම්මා) ගැන කියන කතාවක වීඩියෝවක් edit කරලා මේ video එකේ ඇතුලත් කරලා තියෙන්නේ...

මේවා බලන බොහෝ දෙනාගෙන් කාරුණිකව ඉල්ලන්න තියෙන්නේ... ඔයාලා social media වල දකින හැමදේම විශ්වාස කරන්න එපා, අපි අපේ කටින් media වල දෙයක් කිව්වොත් ඇරෙන්න. අපි හැමදාටම ජීවත් වෙන මිනිස්සු නෙමේ දෙයියනේ!

මේ ඉන්න ටික කාලෙ වත් මනුස්සයෙක් ට සැනසීමෙන් ජීවත් වෙන්න දෙන්න තාමන් ගෙ පාඩුවේ අනෙකා රිද්දන්න වැඩ නොකර!

😊🙏🏻 -කවී 

කෙසේ වෙතත් තවත් කෙනෙක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොරුවක් ප්‍රචාරය කිරීම  කිසිසේත්ම සුදුසු නොවේ. එය මානුශීය නොවේ . ඒ නිසා හැම කෙනෙකුටම ආදරෙන් කටයුතු කරමු .