ලංකාවේම බන්ධනාගාර ගැන තීරණයක් ගන්න බන්ධනාගාර ප්‍රධානීන් කැදවයි

Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ සියලු බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශේෂ රැස්වීමකට කැඳවා තිබේ.

අදාළ රැස්වීම හෙට (08) පෙරවරු 7.30ට පැවැත්වීමට නියමිත බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ එවැනි සිදුවීම් යළිත් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවල පවතින තත්ත්වයන් පිළිබඳවද සමාලෝචනය කර, ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

බන්ධනාගාර ගැටුමට හේතුව මත් ද්‍රව්‍යය පාවාදීම විතරද? - ගැටුමට මුල් වූ තවත් කතාවක් එළියට

බන්ධනාගාර ගැටුමට හේතුව මත් ද්‍රව්‍යය පාවාදීම විතරද? - ගැටුමට මුල් වූ තවත් කතාවක් එළියට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ප්‍රතිකාර ලැබු තවත් අයෙකු මරුට - මිය ගිය ගණන 27 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ප්‍රතිකාර ලැබු තවත් අයෙකු මරුට - මිය ගිය ගණන 27 දක්වා ඉහළට