ඡන්ද පොලේදී පොඩ්ඩ ගැස්සුනොත් වෙඩි තියන්න අවසර. - ඒ නිසා මේ ගැන සැලකිලිමත් වන්න.
ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස් දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඔහු කියා සිටියේ,පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවයි.
ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බවත්, මේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවා ගන්නා බවත් ඔහු සඳහන් කළා.
මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදී ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළ අතර ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් පමණ යෙදවීමට නියමිතයි.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.
