පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

Sri Lanka Police Tiran Alles Sri Lanka Cabinet Government Of Sri Lanka Deshabandu Tennakoon
By Wayomi Jul 25, 2024 03:43 AM GMT
Wayomi

Wayomi

Report

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරීන් තිදෙනකුගෙන් එක් අයකු පත් කිරීමට නියමිතයි.

මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .

මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .


ඒ, අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ සංජීව ධර්මරත්න යන නිලධාරීන් තිදෙනාගෙන් එක් නිලධාරියකු වැඩ බැලීම සඳහා පොලිස්පති ධුරයට පත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසනවා.

"මෙයා තමා සාක්කුවෙන් අරන් අපිට දැම්මේ.මෙන්න මෙයාලා.." -පොලීසියේ තවත් කැත වැඩක් මාට්ටු. - (VIDEO)

"මෙයා තමා සාක්කුවෙන් අරන් අපිට දැම්මේ.මෙන්න මෙයාලා.." -පොලීසියේ තවත් කැත වැඩක් මාට්ටු. - (VIDEO)


ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වැඩ බලන පොලිස්පති ධුරය සඳහා සුදුසුම නිලධාරියා පත් කිරීමට නියමිත අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි ස්ථානයට පත්වූ නිලන්ත ජයවර්ධන මහතා පසුගියදා අනිවාර්ය නිවාඩු යවනු ලැබුවා.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.


ඒ අනුව මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින්නේ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතායි.

ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු මැද පළාත භාරව කටයුතු කරන අතර තුන්වැනි ස්ථානයේ පසුවන සංජීව ධර්මරත්න මහතා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරනවා.

කෙසේ වෙතත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කර ඇති බවයි.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කෙරුණු විනිසුරු මඩුල්ලක් ඔහු පසුගියදානිදහස් කොට නිදහස් කරනු ලැබුවා.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.


පොලිස් කොමිසම ඒ බව පොලිස් මූලස්ථානයටද නිල වශයෙන් දැනුම්දී ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

මෙවර මැතිවරණයේදී මාධ්‍යවේදීන්ට ලැබෙන්න යන අලුත්ම අයිතිය. - ඇත්තටම මොකක් වෙයිද?

මෙවර මැතිවරණයේදී මාධ්‍යවේදීන්ට ලැබෙන්න යන අලුත්ම අයිතිය. - ඇත්තටම මොකක් වෙයිද?


පොලිස් දෙපාර්තමේන්තුවේ ඊට පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ යන අයයි.

කීයක් වෙයිද? Apple සමාගමෙන් සිය ප්‍රථම නැමිය හැකි සුපිරිම (foldable) iphoneය. - වෙළඳපොළට එන දවස මෙන්න. - (VIDEO)

කීයක් වෙයිද? Apple සමාගමෙන් සිය ප්‍රථම නැමිය හැකි සුපිරිම (foldable) iphoneය. - වෙළඳපොළට එන දවස මෙන්න. - (VIDEO)


පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට ඊයේ(24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ සවස පැවැත් වූ අතර පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් හුවමාරු වූ අතර එම තීන්දුවේ නීති ගැටලු රැසක් පවතින බව කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ විය.

ඒ, අනුව එම තත්ත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවතින නීතිමය ගැටලු ගැන අමාත්‍ය මණ්ඩල ප්‍රතිචාරය දැක්වීම ගැඹුරු ලෙස කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කෙරුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.



Gallery