සියලුම ලාංකිකයන්ට ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක් - මෙම සේවාව යළි ක්‍රියාත්මක වේ

Report

තාක්ෂණික බිඳවැටීමකට ලක්ව තිබූ පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඒ අනුව නිෂ්කාශන වාර්තා ඉල්ලුම්පත් නැවත පෙර පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි. පද්ධතිය අක්‍රිය වී තිබූ කාලසීමාවේදී clear.application@police.gov.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ තාවකාලිකව අයදුම්පත් භාරගැනීමට පියවර ගෙන තිබිණි.

අව්ව සැර වෙයි - සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ යාම හමුවේ ප්‍රවේශම් වන ලෙස ජනතාවට දැනුම්දීමක්

අව්ව සැර වෙයි - සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ යාම හමුවේ ප්‍රවේශම් වන ලෙස ජනතාවට දැනුම්දීමක්

එම තාවකාලික ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කළ සියලුම අයදුම්කරුවන් ද, පද්ධතිය යථාවත් වී ඇති බැවින් නැවත පෙර පරිදි අදාළ ගෙවීම් සිදුකරමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේම අලුතින් අයදුම්පත් යොමුකරන ලෙස පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පවතින එල්නිනෝ තත්ත්වය මත දිස්ත්‍රික්ක රැසක ජනතාවට දැඩි අනතුරුදායක තත්ත්වයක්

පවතින එල්නිනෝ තත්ත්වය මත දිස්ත්‍රික්ක රැසක ජනතාවට දැඩි අනතුරුදායක තත්ත්වයක්