පවතින එල්නිනෝ තත්ත්වය මත දිස්ත්‍රික්ක රැසක ජනතාවට දැඩි අනතුරුදායක තත්ත්වයක්
දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රධාන ජලාශවල ජල මට්ටම 35.9% දක්වා සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.
විශේෂයෙන්ම අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල පිහිටි ජලාශවල ජල ධාරිතාව අවම අගයකට පැමිණ තිබේ.
මේ වන විට යල කන්නයේ වගා කටයුතු අවසන් අදියරේ පවතින බැවින් පවතින ජල ප්‍රමාණය වගාවන්ට මෙන්ම ඉදිරි වර්ෂාපතනය ලැබෙන ඔක්තෝබර්-නොවැම්බර් කාලසීමාව දක්වා පානීය ජල අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, පවතින අධික උෂ්ණත්වය සහ සුළං සහිත කාලගුණය නිසා ජලාශවලින් ජලය වාෂ්පීකරණය වීම අපේක්ෂිත මට්ටමට වඩා වැඩි වී ඇති බැවින්, දෛනික හා වගා කටයුතු සඳහා ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
“පවන සහ සත්‍යයේ ගීතයෙන් සමාජයේ සංවේදීතාව අවදි කළා” – නන්දා මාලනිය වෙනුවෙන් අගමැතිනියගෙන් ශෝක පණිවිඩයක්
මේ අතර, පවතින දැඩි වියළි කාලගුණය නිසා ජලය සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් තිරප්පනේ, පිත්තල කොන්ඩෑරුම ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නිරත ජනතාව ද සිය ජීවනෝපාය පවත්වාගෙන යාමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති.