අව්ව සැර වෙයි - සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ යාම හමුවේ ප්‍රවේශම් වන ලෙස ජනතාවට දැනුම්දීමක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 අගෝස්තු 23 වනදා සඳහා වලංගු වන උණුසුම් කාලගුණ උපදේශයක් නිකුත් කර තිබේ.

මෙම උපදේශය අගෝස්තු 22 වනදා පස්වරු 4.00ට නිකුත් කර ඇති අතර, නැගෙනහිර සහ උතුරු මැද පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චි, වවුනියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා අදාළ වේ.

උපදේශයට අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් තාප දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටම දක්වා ඉහළ යා හැකිය.

එබැවින් ජනතාව උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

Gallery