ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් - නවසීලන්තය හමුවේ දැවැන්ත පරාජයක්

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් අද (25) දින අහිමි වී ගියා.

ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති තීරණාත්මක තරගයේ නවසීලන්තය ලකුණු 169ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබුණා.

තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට 169ක ඉලක්කයක්

තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට 169ක ඉලක්කයක්

එහෙත් එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 107ක් පමණයි.

එම පරාජයත් සමඟ සුපිරි 8 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. 

අවසන් පූර්ව වටයට යන බලාපොරොත්තුවට සුබ ලකුණක් - කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අවසන් පූර්ව වටයට යන බලාපොරොත්තුවට සුබ ලකුණක් - කාසියේ වාසිය ශ්‍රී ලංකාවට