2022-24 කාලයේ පාර්ලිමේන්තුවේ ඉන්ධන භාවිතය ගැන ප්‍රශ්නයක් - විගණනයෙන් තොරතුරු රැසක් හෙළි වෙයි

Report

ශ්‍රී ලංකාවේ 8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තු සභාවාරයන්ට අදාළ විගණන වාර්තාවකින්, කථානායක, නියෝජ්‍ය කථානායක, කාරක සභා සභාපති සහ පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ට ලබාදී තිබූ ඉන්ධන හා වාහන පහසුකම් සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර තිබේ.

වාර්තාවට අනුව, ඇතැම් තනතුරු සඳහා ඉන්ධන භාවිතයට නිශ්චිත සීමා නොතිබීම හේතුවෙන් විශාල ඉන්ධන ප්‍රමාණයක් භාවිත කර ඇත. 2023 සහ 2024 වසරවලදී කථානායකවරයා මාසිකව සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 3,994ක් සහ 6,122ක් භාවිත කර ඇති අතර, ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 19.37ක් සහ 26.05ක් ලෙස දැක්වේ.

හුරුලු වැව රක්ෂිතයේ ගින්නක් - තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීග්‍රයෙන් පැතිරේ

හුරුලු වැව රක්ෂිතයේ ගින්නක් - තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීග්‍රයෙන් පැතිරේ

නියෝජ්‍ය කථානායකවරයාගේ නිල වාහන තුනට අමතරව පෞද්ගලික මෝටර් රථයක් සඳහාද 2023 සහ 2024 වසරවලදී ඉන්ධන ලීටර් 21,299ක් ලබාගෙන ඇති බව විගණනය පෙන්වා දෙයි. කාරක සභා සභාපතිවරයාටද නිල වාහන තුනක් ලබාදී තිබූ අතර, ඉන්ධන භාවිතයට නිශ්චිත සීමාවක් නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.

එමෙන්ම 2022 සහ 2023 වසරවලදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එකවර නිල වාහන දෙකක් භාවිත කර ඇති බවත්, 2022 සිට 2024 දක්වා ඔහු භාවිත කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 15,063ක් බවත් අනාවරණය වී තිබේ. තවද, ඇතැම් පාර්ලිමේන්තු නිලධාරීන්ට අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට නොමැති සීමාරහිත ඉන්ධන පහසුකම් ලබාදී තිබූ බවද විගණන වාර්තාව පෙන්වා දෙයි.

පෞද්ගලික ගමන් සඳහා අවසර ලද සීමාව ඉක්මවා වාහන භාවිත කිරීමේදී ප්‍රමාණවත් මුදලක් අය නොකිරීම හේතුවෙන් 2015 සිට 2022 දක්වා කාලය තුළ රජයට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 2.7කට ආසන්න බවද වාර්තාව සඳහන් කරයි.

තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්