අද සිට අප්‍රේල් 15 දක්වා ප්‍රවේශම් වෙන්න - අද දහවල් 12.13ට විශේෂයි
අද සිට අප්‍රේල් 15 වන දින දක්වා ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවලට ඉහළින් හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (2026.04.5) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කළේය.
ඒ අනුව, අද දහවල් 12.13 ට පමණ දොඩන්දූව, රට්ටම්, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්කිරිගල, රන්න, කලමැටිය සහ උස්සන්ගොඩ වැනි ස්ථානවලට හිරු මුදුන් වන අතර, අද දින දහවල් 12.13 ට පමණ හිරු මුදුන් වේ.
මහනුවර, නුවරඑළිය, මාතලේ සහ ඌව පළාත්වල මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ද උෂ්ණත්වය ඉහළ යනු ඇත. මධ්‍යම, සබරගමුව, බටහිර, උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල බොහෝ ස්ථානවල පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට මිලිමීටර් 50 දක්වා මධ්‍යස්ථ සිට තද වැසි ඇති විය හැක. තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි අවස්ථාවන්හිදී අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ගාල්ල සිට හම්බන්තොට, පොතුවිල් සහ මඩකලපුව දක්වා වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.