ජයග්‍රහණයෙන් පසු සනත්ව පෙරටු කර ගෙන ටීම් එකම පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව දක්වන්න ගිහින්. - (VIDEO /PHOTOS)
By Wayomi
ඊයේ තරග ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම අපවත් වී වදාළ පූජ්‍ය පූජ්‍ය පූජ්‍ය නාහිමිපාණන් වහන්සේට ගෞරව පුද කිරීමට අද (05) ගොස් තිබෙනවා.
ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (04) රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.




