ශ්‍රී ලංකා එංගලන්ත තරඟයේ ඊයෙ රෑ සිදු වූ විශේෂ දේ මෙන්න..

Cricket Sri Lanka Cricket England Cricket Team ICC Men
By Aruna Aug 31, 2024 01:48 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට ඊයේ (30) තරගය නතර කරන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව, ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 256ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් දෙවැනි ඉනිම ආරම්භයත් සමග ඉදිරියෙන් සිටියි.

ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..

ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..


එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් බෙන් ඩකට් නොදැවී ලකුණු 15ක් හා නායක ඔලී පොප් ලකුණු 02ක බැගින් රැස්කරගෙන සිටියා.

බිඳවැටුණු එකම කඩුල්ල ලහිරු කුමාර විසින් ඩෑන් ලෝරන්ස් ලකුණු 07ක් රැස්කරගෙන සිටියදී දවාගැනීමට සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට රැස්කළේ සියලු දෙනා දැවී ලකුණු 196ක් පමණයි.

අද ලග්න කිහිපයකට අමතර ධන ලාභ හිමිවේ..තවත් ලග්න වලට වැයපස ඉහලට..මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගත් මතුවේ.

අද ලග්න කිහිපයකට අමතර ධන ලාභ හිමිවේ..තවත් ලග්න වලට වැයපස ඉහලට..මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගත් මතුවේ.


ඒ හේතුවෙන් ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹීමට එංගලන්ත කණ්ඩායමට අවස්ථාව උදාවීම විශේෂත්වයක්. මේ අනුව අද (31) තරගයේ තෙවැනි දිනයයි.