අ.පො.ස උසස් පෙළ වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා
උසස් පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර ඇත.
ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශය කළේ අද සිට විභාගය අවසන් වන තෙක්ම උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි.
එසේම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත කාලසටහන් පරිදි අද දිනයේ දුම්රිය ගමන්වාරද ක්‍රියාත්මක බවයි.
එහිදී එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ කිසිදු ප්‍රමාදයකින් හෝ අවලංගු කිරිමකින් තොරව දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.