දුම්රියේ වැඩි මිලට භාණ්ඩ විකුණුවොත් වැඩ වරදී

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දුම්රිය තුළ සහ දුම්රිය ආපන ශාලාවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක නොමැතිව වෙළෙඳාම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගනිමින් සිටින බව පවසයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සහ විමර්ශන සිදු කරන ලෙස සියලුම දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. පසුගියදා මීනගයා රාත්‍රී දුම්රිය තුළ පිහිටි ආපන ශාලාවක් හදිසි වැටලීමකට ලක් කර ඇති අතර, එහිදී පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව වාර්තා වේ.

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

එමෙන්ම අද (09) දිනයේ මරදාන දුම්රිය ස්ථානය තුළ පිහිටි ආපන ශාලාවක්ද නිලධාරීන්ගේ වැටලීමකට ලක්ව තිබේ.

පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදු කරමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක නොමැතිව වෙළෙඳාම් කරන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙම මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධිකාරිය සඳහන් කරයි.

එවැනි අසාධාරණයකට ලක්වන පාරිභෝගිකයන් වහාම දැනුවත් කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කර ඇත.