ට්‍රම්ප්ලාගේ යුද්ධය දරුණු තැනකට? - මියා කලීෆාත් හඬා වැටෙයි [VIDEO]

By Shehan Apr 09, 2026 01:26 PM GMT
Report

සටන් විරාමය නොතකා ලෙබනනයට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් ලෙබනන් සම්භවයක් ඇති වැඩිහිටි චිත්‍රපට නිළි මියා කලීෆා සංවේදී ප්‍රතිචාරයක් පළ කර තිබේ.

මෙම ප්‍රකාශය කරන අතරතුර ඇයට කඳුළු වළක්වා ගැනීමට නොහැකි වූ බව වාර්තා වෙයි.

සමාජ මාධ්‍ය හරහා නිතරම අවධානයට ලක්වන මියා කලීෆා, මෙවර මැද පෙරදිග තත්ත්වයන් පිළිබඳ අදහස් දැක්වීමෙන් විශාල අවධානයක් දිනා ගත්තාය. ලෙබනන් සම්භවයක් ඇති ඇය, එරටට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි ශෝකය ප්‍රකාශ කළාය.

තම ප්‍රකාශයේදී ඇය සඳහන් කළේ,

“වසර ගණනාවක් තිස්සේ අපගේ ඇස් ඉදිරිපිටම ජන සංහාරයක් සිදුවෙමින් පවතිනවා. මගේ බදු හරහා මගේ මව්බිමට මෙය සිදුවීමට ඉඩ ලැබෙනවා කියලා පිළිගන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ”

යනුවෙනි.

මෙම ප්‍රකාශය සමාජ මාධ්‍යවල වයිරල් වෙමිල් පැතිර ගොස් ඇති අතර, ඒ සඳහා සහයෝගයත් විවේචනයත් එකවර ලැබී තිබේ. ඇගේ අදහස් ජාත්‍යන්තර වශයෙන්ද සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන් වේ.

ඊශ්‍රාලය ලෙබනනයට ගැහුවා කියලා සටන් විරාමය වෙනස් කරන්න එපා ඒක මෝඩකමක් - ඇමරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රාලය ලෙබනනයට ගැහුවා කියලා සටන් විරාමය වෙනස් කරන්න එපා ඒක මෝඩකමක් - ඇමරිකාවෙන් ප්‍රකාශයක්