ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 

අද (14) ප.ව. 12.30ට නිකුත් කළ එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවද සඳහන් වේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල සවස 1.00 පමණෙන් පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් වන අතර, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - වැඩ ආරම්භ කරන්නේ මේ දවසට

සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - වැඩ ආරම්භ කරන්නේ මේ දවසට

“එදා මෙන් අදත්… ඔබත් එක්කමයි මගේ අවුරුද්ද” - රටේ අප්පච්චි කියයි

“එදා මෙන් අදත්… ඔබත් එක්කමයි මගේ අවුරුද්ද” - රටේ අප්පච්චි කියයි