අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 26 දක්වා - හෙට එන්න ඕන විදිහ දැනුම් දෙයි
2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) දිනෙන් ආරම්භ වීමට නියමිතව ඇත.
ඒ අනුව විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමෙන්ම හෙට (17) සිට ලබන 26වනදා දක්වා විභාගය පැවැත්වෙන අතර විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත මධ්‍යස්ථානවලට අපේක්ෂකයින් පැමිණිය යුතු බව විභාග කොමසාරි ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කරයි.
කෙසේ වුවද රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා කියා සිටියේ විභාගයට පෙනී සිටින සිසුන් අද දිනයේ සැහැල්ලු මනසකින් සිටීමට කටයුතු කළ යුතු බවයි.