ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලොක්කෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් යෙදිය හැකි ගිණි අවියක් බලපත්‍ර නොමැතිව ළඟ තබාගත් කටුවන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු මිද්දෙණිය මැල්ලකැටිගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ලත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු කටුවන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු බවත් ඔහු එම සභාවේ විපක්ෂ නායක වශයෙන් කටයුතු කරන බවත් පොලිසිය සඳහන් කර ඇත.

හිංසාවට ලක්වූ මැතිසබා නිලධාරිනියට යුක්තිය ඉටු කරනු - සජිත්ගෙන් චෝදනාවක්

හිංසාවට ලක්වූ මැතිසබා නිලධාරිනියට යුක්තිය ඉටු කරනු - සජිත්ගෙන් චෝදනාවක්

40 වන වියේ පසුවන අඳාළ සැකකරු මිද්දෙණිය මැල්ලකැටිගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වේ.

එසේම සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සදහා මිද්දෙණිය පොලිසියට භාර දී ඇති බව සඳහන්.   

අර්ච්චුනා ආයෙත් රටම කළඹයි - ගිය මාසේ මන්ත්‍රී වැටුපේ ඡායාරුපයක් මුහුණු පොතට

අර්ච්චුනා ආයෙත් රටම කළඹයි - ගිය මාසේ මන්ත්‍රී වැටුපේ ඡායාරුපයක් මුහුණු පොතට

විදේශ ප්‍රතිකාරෙන් පසු රනිල් වික්‍රමසිංහ දිවයිනට

විදේශ ප්‍රතිකාරෙන් පසු රනිල් වික්‍රමසිංහ දිවයිනට