විදේශ ප්‍රතිකාරෙන් පසු රනිල් වික්‍රමසිංහ දිවයිනට
ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහු පසුගිය මාර්තු 15 වනදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.
ඒ අතරතුර, මෙරටදී ද ශල්‍යකර්මයකට ලක්ව ඇති බව වාර්තා වන අතර, සුවය ලබමින් සිටි ඔහු අද දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.