සියනැකෝරළයේ මාලිමාවේ ගම්පහ මහා රැලිය ඇරඹෙයි
By Malith Madushan
ජාතික ජන බලවේග ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් මහා රැලිය මේ වන විට ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබේ.
‘අපේ ආණ්ඩුව - වසර දෙකයි, රටට සුබයි’ යන තේමාව යටතේ මෙම ජන රැලිය පැවැත්වෙන අතර, ඒ සඳහා ජාතික ජන බලවේගයේ සාමාජිකයින් සහ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින බව සඳහන් වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද තවත් සුළු වේලාවකින් ගම්පහ මහා රැලියට සහභාගී වීමට නියමිතය. රැලියේ තොරතුරු සජීවීව නැරඹිය හැකිය.