ජනපති අනුරගේ ප්රධානත්වයෙන් ගම්පහ ජන රැලිය අද
By Malith Madushan
‘අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි’ යන තේමාව යටතේ රට පුරා පැවැත්වෙන ජන රැලි මාලාවේ ගම්පහ රැලිය අද (27) පැවැත්වීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලිය අද පස්වරු 3.30ට ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ගම්පහ දිස්ත්රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත බව සඳහන්.