තනිකම නිසා පැයකට ලෝකය පුරා මිනිසුන් 100 ක් මියයනවා

Report

තනිකම සහ සමාජ හුදකලාභාවය බැලූ බැල්මට ම අවදානමක් ලෙස නොපෙනෙන නමුත්, එය ආඝාතය, හෘද රෝග, දියවැඩියාව, සංජානන ගැටලු ආදිය වැඩිවීමට මෙන්ම අඩු වයසින් මරණයට පත්වීමේ අවදානම ඉහළ නැංවීමට හේතුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජ සබඳතා පිළිබඳ කොමිසම සිය ගෝලීය වාර්තාව හරහා අනාවරණය කර තිබේ.

එම වාර්තාවට අනුව, තනිකම හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව පුද්ගල මරණ 871,000කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බවත්, සාමාන්‍යයක් ලෙස ගෙන බලන විට සෑම පැයකදී ම මරණ 100ක් පමණ තනිකම හේතුවෙන් සිදුවන බවත් පෙන්වා දෙයි. තනිකමෙන් බැරෑරුම් ලෙස බලපෑමට ලක්වන පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයකුට වඩා දෙගුණයකින් මානසික අවපීඩනයෙන් පසුවන බැවින්, ඔවුන් සියදිවි නසාගැනීමේ සිතුවිලි දක්වා තල්ලු විය හැකි බවද වාර්තාව අවධාරණය කරයි.

තනිකම නිසා පැයකට ලෝකය පුරා මිනිසුන් 100 ක් මියයනවා | Loneliness Causes 100 Deaths Per Hour Globally

ලොව පුරා සෑම පුද්ගලයන් 6 දෙනකුගෙන් එක් අයෙක් තනිකම හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවත්, එමඟින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ආර්ථික තත්ත්වය, අධ්‍යාපනය මෙන්ම සාමාන්‍ය ජීවිතයටද සැලකිය යුතු බලපෑම් එල්ල වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

අඩු ආදායම් සහ මැදි ආදායම් සහිත රටවල වයස අවුරුදු 13ත් 29ත් අතර පුද්ගලයන්ගෙන් 17% – 21% අතර ප්‍රතිශතයක් තනිකම ආශ්‍රිත බලපෑමට ලක්ව සිටින අතර, අඩු ආදායම් රටවල එය 24% දක්වා වැඩිවී ඇති බවත් විශ්ලේෂකයන් පවසති.

ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද?

ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද?

දෙහි යුෂවල තියෙන මේ විස්මිත ප්‍රතිඵල දන්නවා නම් හැමදාම බොයි

දෙහි යුෂවල තියෙන මේ විස්මිත ප්‍රතිඵල දන්නවා නම් හැමදාම බොයි