හතර දෙනෙක් එකතු වී තරුණියක් බලෙන් පැහැරගෙන ගොස් කළ අමානුෂික දූෂණය..
18 හැවිරිදි තරුණියක ත්‍රිරෝද රථයකින් ආ හතර දෙනකු විසින් කඩුගන්නාව හතරලියද්ද බුදු පිළිමය ආසන්නයේ දී පැහැරගෙන ගොස් ඇති පුවතක් වාර්තා විය.
අදාල තරුණිය එම පිරිස විසින් පැහැර ගෙන ගොස් පොත්තපිටිය කුරුලු වැව ඉස්මත්තට රැගෙන ගොස් ඇයව දූෂණය කර ඇති බව වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ, පැහැරගෙන යෑමට යොදා ගත් ත්‍රීරෝද රථය තුළදීම එක් පුද්ගලයකු ඇයව දූෂණය කිරීමෙන් පසු අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කළ බව තරුණිය පොලිසියට පවසා ඇති බවයි.
මේ අතර, අදාළ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබෙනවා.
කෙසේවෙතත්, අදාල එම සිව් දෙනා කිසියම් මත්ද්‍රව්‍ය වර්ගයක් පානය කර මත් වී සිටි බව පෙනී ගිය බව තරුණිය පොලීසියට පවසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |