ලංකාවටම තදින්ම වදී - අයහපත් කාලගුණයෙන් 28,000ක් අනාථ වෙයි

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 28,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව පවුල් 7,482කට අයත් පුද්ගලයින් 28,933 දෙනෙකු ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්ව තිබේ.

වැඩිම බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එහි පවුල් 3,950කට අයත් පුද්ගලයින් 15,313 දෙනෙකු පීඩාවට පත්ව ඇත. එමෙන්ම එක් මරණයක්ද වාර්තා වී තිබේ.

වැස්ස තවත් දරුණු වෙයි - අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න

වැස්ස තවත් දරුණු වෙයි - අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න

මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4,265ක්, කොළඹ දිස්ත්‍රික්කයේ 4,566ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 4,558ක්, කළුතර දිස්ත්‍රික්කයේ 141ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 80ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 7ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3 දෙනෙකුද කාලගුණික තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 836ක්ද වාර්තා වී ඇති බව සඳහන් වේ.

අද සහ හෙට දවසම අවදානම් - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

අද සහ හෙට දවසම අවදානම් - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

වැඩිම නිවාස හානි ප්‍රමාණයද ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එහි පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 530ක් වාර්තා වී ඇත.

දිවයිනේ දිස්ත්‍රික්ක 08කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කින් මෙම ආපදා තොරතුරු වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය. 

ලග්න කිහිපයකට අද අත මිට සරු වෙන සුභ දවසක් - මෙන්න අද ලග්න පලාඵලය

ලග්න කිහිපයකට අද අත මිට සරු වෙන සුභ දවසක් - මෙන්න අද ලග්න පලාඵලය