රටම නොසන්සුන් කළ මීගමුව බන්ධනාගාර‍ය රාත්‍රීයේත් උණුසුම් - ආරක්ෂාව තවදුරටත් දැඩි කරයි

Report

මීගමුව බන්ධනාගාරයේ ඊයේ සහ අද(06) දින පුරා පැවති දරුණු ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් පසුව එහි ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා කණ්ඩායම් ද බන්ධනාගාර පරිශ්‍රයේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ වන විට යොදවා ඇති බව වාර්තා වේ.

එසේම පවතින නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බන්ධනාගාර බස් රථ මඟින් රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමේ කටයුතු රාත්‍රී කාලයේදීත් අඛණ්ඩව සිදු කෙරෙන බව සඳහන්.

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

මේ අතර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් සහ හිතවතුන් විශාල පිරිසක් රාත්‍රී කාලයේදීත් බන්ධනාගාර පරිශ්‍රය අසල රැඳී සිටින අයුරු දක්නට ලැබෙන බව වාර්තා වේ. ඒ සිය ඥාතීන් පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන්.

කෙසේ වෙතත් මෙම දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කර ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බව පවසයි.

එමෙන්ම තුවාල ලැබූවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සහ ආරක්ෂක කටයුතු සිදු කරමින් පවතියි.

ලංකාව හොල්ලපු බන්ධනාගාර ගැටුම ජාත්‍යන්තරයත් කළඹයි - රටටම කළු පැල්ලමක් එක් කරමින් විදෙස් මාධ්‍යවල මුල් පිටු අතරේ

ලංකාව හොල්ලපු බන්ධනාගාර ගැටුම ජාත්‍යන්තරයත් කළඹයි - රටටම කළු පැල්ලමක් එක් කරමින් විදෙස් මාධ්‍යවල මුල් පිටු අතරේ

මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්