ලංකාව හොල්ලපු බන්ධනාගාර ගැටුම ජාත්‍යන්තරයත් කළඹයි - රටටම කළු පැල්ලමක් එක් කරමින් විදෙස් මාධ්‍යවල මුල් පිටු අතරේ [PHOTOS]
මීගමුව බන්ධනාගාරයේ ඊයේ(05) දින ආරම්භ වී අද(06) දින දක්වා දරුණු ලෙස ව්‍යාප්ත වූ සිරකරු ගැටුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන රැසක දැඩි අවධානය යොමුව ඇත.
ඒ අනුව අල්-ජසීරා සහ රොයිටර් වැනි ජාත්‍යන්තර මාධ්‍ය ජාල මඟින් මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම බන්ධනාගාර ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙසයි.
මේ අතර මෙම ගැටුමෙන් අවම ලෙස පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.
එසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චාමික ගජනායක මහතා උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දී තිබුණේ, මෙම ප්‍රචණ්ඩත්වය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කල්ලි අතර ඇති වූවක් බවටයි.
රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට
අඳාළ වාර්තාවට අනුව, සඳුදා උදෑසන ආහාරය ලබා දෙන විටදී ගැටුම උත්සන්න වී තිබෙන අතර, මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් හය දෙනෙකු ද සිටින බව වාර්තා කර ඇත. එමෙන්ම තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කළ බවත්, බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් ද වහලය මත නැගී විරෝධතාවල නිරත වූ බවත් අල්-ජසීරා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම රොයිටර් පුවත් සේවය මෙම පුවත වාර්තා කර ඇත්තේ දීර්ඝකාලීන සිරදඬුවම් විඳින රැඳවියන් සහ තාවකාලික රැඳවුම් භාරයේ සිටින පිරිස් අතර මෙම ගැටුම හටගෙන තිබෙන බවයි.
එසේම රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් ලුහුබඳිමින් ප්‍රධාන දොරටුවෙන් පලා යාමට උත්සාහ කළ බවත්, එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකක සහ විශේෂ කාර්ය බලකාය කැඳවීමට සිදු වූ බවත් එහි දැක්වේ.
එමෙන්ම යුද හමුදා සන්නද්ධ රථ බන්ධනාගාරය අවට ආරක්ෂාවට යොදවා තිබූ අයුරු රොයිටර් වාර්තාකරුවන් නිරීක්ෂණය කර ඇති බවත් ඇතැම් රැඳවියන් අතට ගිනිඅවි පවා පත්ව ඇති බවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කළ ප්‍රකාශය ද රොයිටර් වාර්තාවට ඇතුළත් වේ.
ඊට අමතරව මෙම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ද්විත්වයම මෙරට මීට පෙර සිදුවූ බන්ධනාගාර ගැටුම් ද සිහිපත් කර තිබෙන්නේ විශේෂයෙන් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී පුද්ගලයින් 27 දෙනෙකු මියයාම සහ 2020 වසරේ මහර බන්ධනාගාරයේදී රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිද්ධීන් සමඟ මෙම මීගමුව බන්ධනාගාර ගැටුම සැසඳීමට කටයුතු කරමින්.
මේ අතර අධිකරණ අමාත්‍යවරයා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය අවධාරණය කර ඇත්තේ මෙය කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූ අවාසනාවන්ත සිදුවීමක් බවත්, මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.
රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි
