මුහුදට යන අයට හදිසි රතු නිවේදනයක් - සුළඟ පැයට කිලෝමීටර් 60 දක්වා දරුණු වෙයි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (23) දිනයේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඉදිරි පැය 24 සඳහා නිකුත් කළ මුහුදු කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශවලද සවස් හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

සුළං නිරිත දෙසින් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වන බව සඳහන්. විශේෂයෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවයි.

ලංකාවටම බලපාන හදිසි කාලගුණ නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 100 ඉක්මවන මහා වැසි

ලංකාවටම බලපාන හදිසි කාලගුණ නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 100 ඉක්මවන මහා වැසි

දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශවලද සුළං වේගය පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩි විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම පුත්තලම සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශද තරමක් රළු විය හැකි බව දැනුම්දී ඇත.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2ත් 3ත් අතර දක්වා ඉහළ යා හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සමඟ මුහුද ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

අද ඔබේ වාසනාව උරගා බලන දවසද? මෙන්න ලග්න 12ටම අදාළ සම්පූර්ණ අනාවැකිය

අද ඔබේ වාසනාව උරගා බලන දවසද? මෙන්න ලග්න 12ටම අදාළ සම්පූර්ණ අනාවැකිය