ලංකාවටම බලපාන හදිසි කාලගුණ නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 100 ඉක්මවන මහා වැසි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලටත් මිලිමීටර් 100ක පමණ තද වැසි ඇද හැලීමේ හැකියාව පවතින බව සඳහන්.

ලංකාවේ ප්‍රධාන පාලමක් කඩාගෙන යයි - කළු, කැලණි, මහ ඔය සහ අත්තනගලු ඔය පිටාර ගලයි – සුළු ගංවතුර මට්ටමේ

ලංකාවේ ප්‍රධාන පාලමක් කඩාගෙන යයි - කළු, කැලණි, මහ ඔය සහ අත්තනගලු ඔය පිටාර ගලයි – සුළු ගංවතුර මට්ටමේ

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව වාර්තා වෙයි. ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං හමන බවද සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මොනරාගල ගොවීන්ට මෙවර වරදින්නේ නැහැ - යල කන්නය හොල්ලන්න ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් දුන් සහතිකය මෙන්න

මොනරාගල ගොවීන්ට මෙවර වරදින්නේ නැහැ - යල කන්නය හොල්ලන්න ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් දුන් සහතිකය මෙන්න