හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට විදෙස් ගමන් තහනමක්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝගයක් නිකුත් කර ඇත.

අද (23) පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවකදී නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අනේ මේ ඕවට නම් ලෑස්ති වෙන්න හදන්න එපා අපිටත් ඉවසීමේ සීමාවක් තියෙනවා, නාමල් බේබි ආණ්ඩුවට හොඳවයින් දෙසයි

අනේ මේ ඕවට නම් ලෑස්ති වෙන්න හදන්න එපා අපිටත් ඉවසීමේ සීමාවක් තියෙනවා, නාමල් බේබි ආණ්ඩුවට හොඳවයින් දෙසයි

කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් ඊයේ (22) මෙම නියෝගය ලබා දී ඇති අතර, ඒකනායක මහතාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස එහි සඳහන් වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ සිදුවීමට අදාළ කාලයේදී ජනාධිපති ලේකම් ධුරය හොබවා ඇත්තේ සමන් ඒකනායක මහතාය.

රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ

රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ

හිටපු ජනාධිපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට දින කිහිපයකට පෙර ඒකනායක මහතා ද කැඳවා ඇති අතර, ප්‍රශ්නගත මුදල් භාවිතය පිළිබඳව ඔහු කටඋත්තරයක් ලබා දී තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සඳහා මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් සමන් ඒකනායක මහතා පිළිබඳ විමර්ශන මේ වන විට සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

ඉන්න ජනාධිපතිවරයා තඹුත්තේගම යනකොට එයාගේ මේ වාහන ගෙදර තියලා බස් එකේ ද දන් නෑ යන්නේ, ආණ්ඩුවට රනිල් ෆෝබියාවක් හැදිලා තියෙන්නේ පලු අරින තලතා

ඉන්න ජනාධිපතිවරයා තඹුත්තේගම යනකොට එයාගේ මේ වාහන ගෙදර තියලා බස් එකේ ද දන් නෑ යන්නේ, ආණ්ඩුවට රනිල් ෆෝබියාවක් හැදිලා තියෙන්නේ පලු අරින තලතා

ලෝකෙම බය වුණ බාබා වන්ගා අනාවැකි ටික ටික ඇත්ත වෙයි, ඒ කියන්නේ ඊළඟට වෙන්නේ මේකද?

ලෝකෙම බය වුණ බාබා වන්ගා අනාවැකි ටික ටික ඇත්ත වෙයි, ඒ කියන්නේ ඊළඟට වෙන්නේ මේකද?