ඉන්න ජනාධිපතිවරයා තඹුත්තේගම යනකොට එයාගේ මේ වාහන ගෙදර තියලා බස් එකේ ද දන් නෑ යන්නේ, ආණ්ඩුවට රනිල් ෆෝබියාවක් හැදිලා තියෙන්නේ පලු අරින තලතා

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය විසින් අද දින මාධ්‍ය හමුවකදී අදහස් පළ කර තිබුණා.

එහිදී ඇය විසින් අත්අඩංගුවට පත් රනිල් වික්‍රමසිංහ මහතාට වර්තමාන ආණ්ඩුව මෙතරම් බිය වීමට හේතුව කුමක්ද යන ගැටලුව මතු කරමින් විමසා සිටියේ යම් ලෙසකින් රජයේ මුදල් අවභාවිතා කර ඇත්නම් ඒ සඳහා ඒ කාලයේදී පියවර නොගෙන මෙසේ එක්වරම මෙම ගැටලුව මතු කිරීමට හේතුව කුමක්ද යන්නයි.

රනිල් වගේම තමයි ඇයි ඔයත් ජර්මනි ට්‍රිප් ගියේ, අම්මව බලන්න හොස්පිටල් ගාණේ ගියේ ඒවත් වැරදි තමයි - ගම්මන්පිලගෙන් සද්දයක්

රනිල් වගේම තමයි ඇයි ඔයත් ජර්මනි ට්‍රිප් ගියේ, අම්මව බලන්න හොස්පිටල් ගාණේ ගියේ ඒවත් වැරදි තමයි - ගම්මන්පිලගෙන් සද්දයක්

එසේම ඉන්න ජනාධිපතිවරයා තඹුත්තේගම යනකොට එයාගේ මේ වාහන ගෙදර තියලා බස් එකේ යනවද? මේක තමයි ජනතාව කල්පනා කරන්න ඕනේ දේ යනුවෙන් පවසමින් ඇය අවධාරණය කළේ එම අයිතිය රනිල් වික්‍රමසිංහ මහතාට ද තිබූ බවයි.

එහිදී ඇය තවදුරටත් සඳහන් කළේ,

රෑ වෙනකල් උසාවි ඇරගෙන ලයිට් ඕෆ් කරලා මොනවද මේ කරන විගඩම්, අද රනිල්ට නම් හෙට අනුරට - විමල්

රෑ වෙනකල් උසාවි ඇරගෙන ලයිට් ඕෆ් කරලා මොනවද මේ කරන විගඩම්, අද රනිල්ට නම් හෙට අනුරට - විමල්

" මේ මෙතනදිම මම කිව්වා එදා පත් වෙච්චි කථානායකවරයාට උපාධියක් නැහැ කියලා. අද පත් වෙච්චි කථානායක ගැන තවත් කතා බහක් සමාජයේ යනවා අපි ඕවා කතා කරනවද නෑනේ. ඒ විතරක් නෙවෙයි මේ ගොල්ලෝ අවුරුදු 70ක දේවල්වලට වග කියන්න ඕනේ කියන්නෙ වෙන මොකවත් නෙවෙයි 71 විනාශ කළා, මිනීමැරුවා, 87 විනාශ කළා, 88 පිච්චුවා, 2022ත් ඒකම කරලා තමයි මේ බලේට ඇවිත් තියෙන්නේ. ඒ ඉතිහාසේ දන්න එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා දන්න නිසා ෆෝබියා එක වෙලා තියෙන්නේ. මේ වෙලාවේ අධිකරණයෙන් දුන්න තීන්දුව අපි කොහෙත්ම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් තව කල්ප ගානකට මේ රට බිහි වෙන් නැති එක ගැන කවුරුත් දන්නවා, රනිල් වික්‍රමසිංහ වගේ වෙන්න කවුරුත් උත්සාහ කරන්න එපා මොකද වෙන්නත් බෑ. හැබැයි මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරලා චරිත ඝාතනය කරන්න එපා"

මාලිමා ආණ්ඩුව හැමදාම බලේ ඉන්නේ නෑ මේ කරපු දේ දහගුණයකින් පාරාවළල්ලක් වෙලා ලැබෙයි

මාලිමා ආණ්ඩුව හැමදාම බලේ ඉන්නේ නෑ මේ කරපු දේ දහගුණයකින් පාරාවළල්ලක් වෙලා ලැබෙයි

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්