ගුරු උපදේශක සේවයේ වැටුප් විෂමතා ගැන විශේෂ තීරණයක්.
ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ වැටුප් පරිමාණවල පවතින විෂමතා ඉදිරි කාලයේ නිරාකරණය කර වැටුප් ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ,ගුරු උපදේශකයින්ගේ වැටුප්වල පවතින විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි.
Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.
රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේෂා ද සිල්වා මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවා.
මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සුරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ගුරු උපදේශකවරුන්ගේ වැටුප් ගුරුවරුන්ගේ වැටුප් වලට වඩා අඩු තලයක පිහිටා ඇති බවත්, ඉන් තම සේවාදායකයින්ට විශාල අසාධාරණයක් සිදුවන බවත්, ප්‍රකාශ කළා.
එමෙන්ම මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුරේෂා ද සිල්වා සඳහන් කළේ, ගුරු උපදේශකයින්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් අතර යම් විෂමතාවයක් පැවතියත් ඉදිරියේදී එම විෂමතාවයන් නිරාකරණය කර වැටුප් ගෙවීමට කටයුතු කරන බවයි.
ඒ, අනුව මෙම කරුණු සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේදී එකඟතාවය පළ කර සිටි අතර අදාළ පෙත්සමේ කටයුතු අවසන් කිරීමටද අධිකරණය තීන්දු කළා.
එමෙන්ම මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් නම් කරනු ලැබුවා.