ලිට්රෝ ගෑස් සැපයීම ගැන විශේෂ තීන්දුවක්. - එයට කැබිනට් අනුමැතිය හිමි වුණේ මෙහෙමයි.

Vijitha Herath Sri Lanka Cabinet Government Of Sri Lanka Litro Gas
By Wayomi Oct 29, 2024 06:11 AM GMT
Wayomi

Wayomi

Report

ලිට්රෝ ගෑස් සමාගම වෙත ලබන වසර සඳහා ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව සෞදි ආරබියානු සමාගමක් වන M/s OQ Trading Limited වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද පැවැති (29) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා තිබෙන බවයි.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අදාළ සමාගමට එම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට යෝජනා වී ඇති බව සදහන්.

ලබන වසර සඳහා ගෑස් සපයා දීමට ලංසු ඉදිරිපත් කළ සිංගප්පූරු සමාගමක් වන සියාම් ගෑස් Siam Gas Trading සමාගමේ ලංසුව තාක්ෂණික ඇගයීමේ දී ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුෂවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් OQ Trading Limited වෙත 2025 වර්ෂය සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත හිමි කර තිබෙනවා.

ලාෆ්ස් ගෑස් ගැන විශේෂ දැනුම්දීමක්.

ලාෆ්ස් ගෑස් ගැන විශේෂ දැනුම්දීමක්.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

 

ReeCha