ජනාධිපති මන්දිර 8ක් නඩත්තුවට රු. මිලියන 80ක්
By Shehan
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2024 වර්ෂයේදී ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 80,154,422 (රු. 80.15 මිලියන) මුදලක් වැය කර ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.
මෙම මන්දිරවල ආරක්ෂක නිලධාරීන් 392ක් සහ සිවිල් සේවකයින් 16 දෙනෙකු සේවයේ යෙදී ඇත. සිවිල් සේවකයින් 16 දෙනාගේ වැටුප් හා දීමනා සඳහා 2024 වර්ෂයේදී රුපියල් මිලියන 13,741,080 (රු. 13.74 මිලියන) වැය කර තිබේ.
මෙම තොරතුරු 2024 වර්ෂයට අදාළ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාව මගින් හෙළිදරව් වී ඇත.