නාමල්ගේ ‘ක්‍රිෂ්’ නඩුවේ පූර්ව නඩු විභාගයට දින දෙයි

Report

මතභේදාත්මක ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 26 වැනි දින පූර්ව නඩු විභාගයක් සඳහා කොළඹ මහාධිකරණය කැඳවීමට නියෝග කර තිබේ.

අද (26) නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

 නඩුව සමාලෝචනය කිරීමෙන් පසු, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දීය සමාගමක් වන ‘ක්‍රිෂ්’ වෙතින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා නඩුව ගොනුකර තිබේ.

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

දියුණු ආරක්ෂක උපාංග සහිත අලුත් වාහන අංක තහඩු නිකුත් කරන දවස - බිමල්

දියුණු ආරක්ෂක උපාංග සහිත අලුත් වාහන අංක තහඩු නිකුත් කරන දවස - බිමල්