අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදී රොටි, පරාටා ඇතුළු මේ ආහාරවල මිල ගණන් ඉහළට - වැඩි වෙන මිල ගණන් මෙන්න
By Kaushi
රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව මෙම මිල වැඩි කිරීම අද (29) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සංගමය සඳහන් කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ අද උදෑසන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමත් සමඟයි.
එබැවින් අද මධ්‍යම රාත්‍රියෙන් පසු රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්රිත ආහාර මිල ගණන් ඉහළ යනු ඇති.