වහාම ක්‍රියාත්මක පරිදි තිරිගු පිටි මිල ඉහළට - නව අගයන් මෙන්න
මෙරට තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. අදාළ මිල ඉහළ නැංවීම අද (29) සිට වහාම ක්‍රියාත්මක වන බව එම සමාගම් නිවේදනය කරයි.
ගෝලීය වෙළඳපොළේ තිරිඟු මිල ඉහළ යාම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බව වාර්තා වේ.
තිරිඟු පිටි මිල මෙලෙස ඉහළ යාම හමුවේ ඉදිරියේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ යාමේ අවදානමක් පවතින බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.