මාලිමාව අස්සේ ත්‍රස්තයින් හැංගුණා - පාස්කු ප්‍රහාරයට දැනුම තිබුණේ අනුරලා කියලා චෝදනා

Report

2014 ජුනි 20 වැනිදා මුස්ලිම් ආගමික නායකයෙකු විසින් තමන් වෙත දැනුම් දුන් තොරතුරක් අනුව, එක්තරා කණ්ඩායමක් ඉස්ලාම් ආගමට මුවා වී ශ්‍රී ලංකාව තුළ විශාල සංහාරයකට සැලසුම් කරමින් සිටි බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

එම තොරතුර ලැබීමෙන් පසු, තමන් එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී මෙම බරපතළ තත්ත්වය පිළිබඳව දැනුම් දුන් බවත්, ඒ අනුව අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගත් නිසා රාජපක්ෂ ආණ්ඩුවේ පාලන සමයේ පාස්කු ප්‍රහාරය වැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල නොවූ බවත් ඥානසාර හිමියන් අවධාරණය කර ඇත.

මෛත්‍රී, ගෝඨා, රනිල් අත්අඩංගුවට - පාස්කු අභියෝගය දැන් නීතියේ අතේ

මෛත්‍රී, ගෝඨා, රනිල් අත්අඩංගුවට - පාස්කු අභියෝගය දැන් නීතියේ අතේ

එමෙන්ම, එදා තමන් විසින් හෙළි කරන ලද අන්තවාදී කල්ලි 15කට වඩා වැඩි ගණනක්, එවකට යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවූ ජාතික ජන බලවේගය (NPP) තුළ සැඟවී සිටි බව ද ඥානසාර හිමියන් පෙන්වා දී ඇත.

එම කල්ලිවල සැලසුම් හා ක්‍රියාකාරකම් රටේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් වූ බව උන්වහන්සේ සඳහන් කර තිබේ.

ගුරු වෘත්තියට යන අයට සුබ පණිවිඩයක්

ගුරු වෘත්තියට යන අයට සුබ පණිවිඩයක්

පසුගියදා ජපානයේ සංචාරයක යෙදුණු ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා, 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයේ මුල සිට අග දක්වා සත්‍යය හෙළි කිරීමට පියවර ගන්නා බවට පොරොන්දු වී ඇති බවත්, එම ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී කල්ලි ජාතික ජන බලවේගය සමඟ බැඳී සිටි නිසා, එහි සම්පූර්ණ තොරතුරු අනුර දිසානායක මහතාට හොඳින් දැන සිටින බවත් ඥානසාර හිමියන් චෝදනා කර ඇත.

මෙම ප්‍රකාශය ඥානසාර හිමියන් විසින් සිදු කරන ලද්දේ, වසර හතරක සිර දඬුවමකට ලක්ව සිටි උන්වහන්සේ අභියාචනාධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් අනතුරුවය.

ඉදිරියට විශ්‍රාම වැටුපක් නැහැ රජයෙන් කරන්න යන දේ මෙන්න

ඉදිරියට විශ්‍රාම වැටුපක් නැහැ රජයෙන් කරන්න යන දේ මෙන්න

එහිමියන්ගේ මෙම හෙළිදරව්ව, පාස්කු ප්‍රහාරයේ වගකීම සහ එහි පසුබිම පිළිබඳව රට තුළ නැවතත් බරපතළ සංවාදයක් ඇති කර ඇත.

හිත හයියෙන් ඉන්න රසිකයෝ, ඔබ වෙනුවෙන් හදවතින්! - කුමාර වෙල්ගමගේ පුතා තැබූ සටහන

හිත හයියෙන් ඉන්න රසිකයෝ, ඔබ වෙනුවෙන් හදවතින්! - කුමාර වෙල්ගමගේ පුතා තැබූ සටහන