ප්ලාස්ටික් බෝතල් භාවිතා කිරීම පිරිමින්ට අහිතකරයිලු!

Government Of Sri Lanka Plastic
By Shehan Apr 10, 2025 02:06 AM GMT
Shehan

Shehan

Report

එක් වරක් පමණක් භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතා කිරීමෙන් පිරිමින්ට නිසරුභාවයට පත්වීමේ බරපතල අවදානමක් ඇති බව අනාවරණය වී තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධානී වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි පවසන පරිදි, ප්ලාස්ටික් බෝතල් සූර්යාලෝකයට නිරාවරණය වී රත් වූ විට ඒවායේ ඇති විෂ සහිත රසායනික ද්‍රව්‍ය එහි ජලයට මුසු වන බවයි.

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

මෙම විෂ රසායනික ද්‍රව්‍ය කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන බැවින්, පිරිමි පුද්ගලයෙකු දිගින් දිගටම එක් වරක් පමණක් භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් බෝතල්වලින් ජලය පානය කිරීමෙන් ඔවුන් කාන්තා ලක්ෂණ පෙන්වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එසේම, ගර්භණී මව්වරුන්, කලලය, සහ අලුත උපන් දරුවන්ට මෙම රසායනික ද්‍රව්‍ය අනතුරුදායක වන අතර, පිරිමින්ගේ දරුඵල ලබා ගැනීමේ හැකියාව අඩු කිරීමට ද මෙය බලපාන බව වෛද්‍යවරයා සඳහන් කරයි.

එබැවින්, ආහාර හෝ පාන වර්ග භාවිතය සඳහා ප්ලාස්ටික් භාජන වෙනුවට වීදුරු, මැටි, හෝ වෙනත් ආරක්ෂිත ද්‍රව්‍ය භාවිතා කිරීමට වග බලා ගන්නා ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙයි.

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!

ආහාර හෝ පාන වර්ග ගබඩා කිරීමට ප්ලාස්ටික් භාජන තෝරා ගන්නේ නම්, එම භාජනයේ හෝ බෝතලයේ අංක 5 සඳහන් වේද යන්න සෑම විටම පරීක්ෂා කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

ReeCha