හිටපු නි. පොලිස්පතිට කඩුව පෙන්නලා බිහිසුණු අපරාධයක්
පෑලියගොඩ පොලීසිය විසින් ශාරීරික ව්‍යායාම්වල යෙදී සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට කඩුවක් එල්ල කර ඔහු පැලඳ සිටි රුපියල් ලක්ෂ 12ක් පමණ වටින රන් මාලය, පෙණ්ඩනය හා ස්මාට් ජංගම දුරකතනයද කොල්ලකා පලා ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ අපරාධය පෙබරවාරි (04) සිදුව ඇති අතර කොල්ල කෑ රන් මාලයේ බර පවුම් 03ක් බවත් Òජගත්Ó නමින් ඉංග්‍රීසි අකුරින් සකස් කරන ලද පෙණ්ඩනයේ බර පවුම් 1/2කට වැඩි බවත් දෙකේම වටිනාකම රුපියල් ලක්ෂ 12ක් බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
මගේ දරුවගේ කනට ගහලා ඔළුව මේසේ තද කරලා වැලමිටෙන් කොන්දට ගහලා - දරුවට බයට මුත්‍රා පිටවෙලා - පාසලේ සිසුවියට සිදු වූ පහරදීමක් හෙළි වේ
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ව්‍යායාම් කටයුතු සඳහා බියගම පාර හරහා වරාගොඩ පාරට ඇවිද පැමිණෙමින් සිටියදී බියගම මාර්ගයේ සිට වරාගොඩ මාර්ගයට ආසන්නයේදී පිටුපසින් පැමිණි යතුරුපැදියක් පැමිණිලිකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපසින් නවතා පසුව යතුරුපැදියේ පසුපස අසුන්ගෙන සිටි පුද්ගලයා කඩුවක් රැගෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අසලට පැමිණ ඇත.
පසුව එම අවස්ථාවේදී ඔහු බිය වී ආපසු හැරී යාමට උත්සාහ දැරීමේදී එම ස්ථානයේ වැටී ඇති බවත් කඩුව උළුක් කරගෙන පැමිණි පුද්ගලයා නියෝජ්‍ය පොලිස්පතිවරයා ගෙල බැඳි රන්මාලය සහ පෙණ්ඩනය මෙන්ම අත දරා සිටි ජංගම දුරකතනයද කොල්ලකා යතුරුපැදියේ නැඟී පලා ගිය බවත් වාර්තා වේ.
කොල්ලකරුවන් පැමිණි යතුරුපැදියේ අංකයද පැමිණිල්ල සමඟ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලීසිය වෙත ලබා දී ඇති අතර කොල්ලකරුවන් දුටුවොත් හඳුනාගත හැකි බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.