ආයේ ත්‍රිපෝෂ නෑ ෆැක්ටරිය නවතියි

Report

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඔවුන් පවසන්නේ , බඩඉරිඟු ගෙන්වීමේ ගැටලුවක් මත, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇති බවයි.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසන්නේ මෙම තත්ත්වය පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බවයි. එමෙන්ම ත්‍රිපෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 18,000 ක බඩඉරිඟු තොගයක් ආනයනය කිරීමට අවශ අනුමැතිය අමාත්‍ය මණ්ඩලයේ විසින් ලබා දී ඇති බවයි.

නමුත් ආනයන පාලක ජනරාල්වරයා විසින් ඊට යම් සංශෝධන යෝජනා කිරීම නිසා එම ආනයන කටයුතු අතරමඟ නැවතී ඇති අතර මෙම සංශෝධන සහිත නව කැබිනට් පත්‍රිකාව ලබන 07 වැනිදා වනතුරු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා තෙක් බඩඉරිඟු ආනයනය සීමා කර තිබේ.

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

ඒ අනුව, ලබන 07 වැනිදා නව අනුමැතියෙන් පසු බඩඉරිඟු ආනයනය නැවත ආරම්භ වීමත් සමඟම, ත්‍රිපෝෂ නිෂ්පාදනය ද යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි සමාගම බලාපොරොත්තු වේ.

හෙට ඉඳන් බස්වල යන අයටත් මෙන්න අලුත් නීතියක්

හෙට ඉඳන් බස්වල යන අයටත් මෙන්න අලුත් නීතියක්