දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ රතු නිවේදන - වහාම ඉවත් වෙන්නැයි දැනුම් දෙයි

Report

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අදාළ නිවේදනය අද (22) පෙරවරු 6.00 සිට හෙට (23) පස්වරු 6.00 දක්වා වලංගු වන බව එම සංවිධානය පවසයි.

ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තුන්වන මට්ටමේ 'ඉවත්වන්න' (රතු) නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

පැය 24ක හදිසි නියෝගයක් - දිස්ත්‍රික්ක 3කට නායයාමේ ඇම්බර් අනතුරු ඇඟවීම්

පැය 24ක හදිසි නියෝගයක් - දිස්ත්‍රික්ක 3කට නායයාමේ ඇම්බර් අනතුරු ඇඟවීම්

දෙවන මට්ටමේ 'අවදානයෙන් සිටින්න' (ඇම්බර්) අනතුරු ඇඟවීම් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට සහ අයගම ප්‍රදේශ සඳහා නිකුත් කර තිබේ.

එමෙන්ම පළමු මට්ටමේ 'විමසිලිමත් වන්න' (කහ) අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, නිවිතිගල සහ කලවාන ප්‍රදේශ සඳහාද නිකුත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට හදිසි දැනුම්දිමක් - අත්තනගලු ඔය පිටාර ගැලීමේ ලොකු අවදානමක්

අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට හදිසි දැනුම්දිමක් - අත්තනගලු ඔය පිටාර ගැලීමේ ලොකු අවදානමක්

කැලණි ගඟ අයිනේ ඉන්න අය වහාම සූදානම් වෙන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිකුත් වූ හදිසි නිවේදනය

කැලණි ගඟ අයිනේ ඉන්න අය වහාම සූදානම් වෙන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිකුත් වූ හදිසි නිවේදනය