කැලණි ගඟ අයිනේ ඉන්න අය වහාම සූදානම් වෙන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිකුත් වූ හදිසි නිවේදනය

Report

කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශ ආශ්‍රිතව මෙම තත්ත්වය බලපානු ඇති බවයි.

පැය 24ක හදිසි නියෝගයක් - දිස්ත්‍රික්ක 3කට නායයාමේ ඇම්බර් අනතුරු ඇඟවීම්

පැය 24ක හදිසි නියෝගයක් - දිස්ත්‍රික්ක 3කට නායයාමේ ඇම්බර් අනතුරු ඇඟවීම්

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වනවිට මිලිමීටර් 300කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවද වාර්තා වේ.

එමෙන්ම, ගංගා ජල මාපකවල ජල මට්ටම් සහ පවතින වර්ෂා තත්ත්වයන් විශ්ලේෂණය කිරීමෙන් පසු ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්, රියදුරන් සහ මාර්ග භාවිත කරන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.

නිරිතදිග මෝසම ලංකාවම ගිලගනී - මෝසම් සුළඟ සමඟ දිවයින හරහා මහ වැසි සහ අකුණු කුණාටු

නිරිතදිග මෝසම ලංකාවම ගිලගනී - මෝසම් සුළඟ සමඟ දිවයින හරහා මහ වැසි සහ අකුණු කුණාටු

දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න

දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න