අකුණු ගැන පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) පස්වරුවේ නිකුත් කළ නවතම කාලගුණු අනාවැකියේ දැන්වීමට අනුව,

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළඟක් (පැයට කිලෝමීටර් 40-50 අතර) ද හමා යාමේ හැකියාවක් ඇති බව දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු ඇතිවීමේ අවදානම ඉහළ තත්ත්වයන්හිදී අනවශ්‍ය ලෙස එළිමහන් කටයුතුවලින් වැළකී, අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසයි.

මෙම තත්ත්වය රාත්‍රිය දක්වාත් ඉඩ තිබෙන බැවින් විශේෂ අවධානයකින් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගේ තිබ්බ තැනක්වත් නෑ. දැන් වැඩක් නෑ අයියේ - දිට්වා වනසපු රටක් කළඹපු නිමේෂ්ගේ කඳුළු කථාව

ගේ තිබ්බ තැනක්වත් නෑ. දැන් වැඩක් නෑ අයියේ - දිට්වා වනසපු රටක් කළඹපු නිමේෂ්ගේ කඳුළු කථාව