එකඟතාවයට එන්න සාකච්ඡා කරන්න රන්වල කැමතිලු

Report

හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය විසින් හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (16) මහර අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

කැඳවීමේදී පොලිසිය අධිකරණයට වාර්තා කළේ, රිය අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නොමැති බවයි. ඒ අනුව නඩුව ලබන මාර්තු 13 වැනිදාට කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙදින සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂක තෙන්නකෝන් මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම අනතුරින් එකම පවුලේ මවක්, කුඩා දරුවෙකු සහ දරුවාගේ මිත්තනිය තුවාල ලැබූ බවත්, ඔවුන්ගේ වෛද්‍ය වාර්තා ලැබුණු විගසම පැමිණිල්ල ගොනු කරන බවත්ය.

අපි ඓතිහාසික ජාතියක් - ප්‍රතිසංස්කරණ කල් නොදී ගිනි තබමු - ඥානසාරගෙන් කණට ගැටෙන පාඩමක්

අපි ඓතිහාසික ජාතියක් - ප්‍රතිසංස්කරණ කල් නොදී ගිනි තබමු - ඥානසාරගෙන් කණට ගැටෙන පාඩමක්

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් ගුණසේකර මහතා පැවසුවේ, අනතුර සිදුවූ අවස්ථාවේ තුවාලකරුවන්ගේ වටිනා ජංගම දුරකථන දෙකක් නැතිවී ඇති බවත්, මෝටර් රථයට රුපියල් ලක්ෂ 06ක අලාභහානියක් සිදුව ඇති බවත්ය. ඒ නිසා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 7.5ක මුදලක් ලබාදෙන්නේ නම් නඩුව සමථයකට පත්කර ගැනීමට යෝජනා කරන බවද ඔහු සඳහන් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දේශාල් පෝල් මහතා අධිකරණයට දක්වමින් පැවසුවේ, තම සේවාදායකයා ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාවට ඉදිරිපත්ව රිය පැදවීමට යෝග්‍ය බව තහවුරු වී ඇති බවත්, මුත්‍රා සහ ලේ සාම්පල් රජයේ රස පරික්ෂකවරයාට යොමුකර තිබෙන බවත්ය. එම වාර්තාවලින් ඔහු බීමත්ව නොසිටි බව තහවුරු වී ඇති අතර, යෝජිත වන්දි මුදල සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසු සාකච්ඡා කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, නඩුවේ ඊළඟ විභාගය මාර්තු 13 වැනිදාට නියමිතය.

"කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ.." - ග්‍රාම නිළධාරීන්ගේ දැඩි ප්‍රකාශය

"කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ.." - ග්‍රාම නිළධාරීන්ගේ දැඩි ප්‍රකාශය

''ජූලි චන්ග් ලංකාවෙන් යන එක කිරිබත් කාලා, රබන් ගහලා සමරන්න ඕනෙ දෙයක් '' ගම්මන්පිල කියයි

''ජූලි චන්ග් ලංකාවෙන් යන එක කිරිබත් කාලා, රබන් ගහලා සමරන්න ඕනෙ දෙයක් '' ගම්මන්පිල කියයි