"වැටුප් සහ ඉදිරි මාස තුනක කාලයක් රට ගෙන යාමට අවශ්‍ය මුදල් සොයාදීලා තියෙනවා." - 43 ගැන දන්නේ නැති අගමැතිනියට රනිල්ගෙන් කනේ පහරක්.

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Harini Amarasuriya
By Wayomi Oct 30, 2024 07:25 AM GMT
Wayomi

Wayomi

Report

පළපුරුදු කණ්ඩායමකට මිස ව්‍යවස්ථාව ගැන වත් නොදන්නා "බබ්බු" සමග රටක් කරන්නට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) දින පන්නල ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින්. ඔහු කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට වත්මන් රජය නගන චෝදනා අසත්‍ය බවයි.

එහිදී ඔහු කියා සිටියේ ඉදිරි මාස තුනක කාලයක් රට ගෙන යාමට අවශ්‍ය මුදල් සොයා දී ඇති බවයි. විදේශ සංචිත මෙන්ම ආදායම ලැබී තිබෙන්නේ තමන්ගේ පාලන කාලයේ සිදු කළ කාර්යයන් හේතුවෙන් බව ඔහු කියා සිටියා. වත්මන් ආණ්ඩුවේ අයට තිබෙන්නේ ආණ්ඩුව ගෙනයාම පමණයි. ඔවුන්ට එය කරගෙන යන්න පුළුවන්ද කියා තමා නොදන්න බවත් පළපුරුදු කණ්ඩායමක් සිටිනවා නම් ආණ්ඩුව හරි මාවතේ යවන්න හැකියාව තිබෙන බව ඔහු කියා සිටියා.

එසේම අගමැතිනී හරිනි අමරසූරිය ප්‍රකාශයක් කර තිබෙනවා රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමට මැතිවරණ කාලයේ දුන් බොරු පොරොන්දුවක් තමා දුන් බව. කැබිනට් මණ්ඩලයට ක්‍රියා කරන්න නිලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බව අගමැතිය කියා තිබෙන නමුත් ඇය ව්‍යවස්ථාව ඉගෙන ගත්තේ කොහෙන්දැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විමසා සිටියා.

ව්‍යවස්ථාවේ 43 වගන්තිය නොබලා රට පාලනය කරන්නේ ඇමති මණ්ඩලය මෙන්ම අගමැතිවරියටත් ව්‍යවස්ථාව ගැන දැනගන්න අවශ්‍ය නම් කියන ලෙසත් තමා එය ඉගෙන්විමට සුදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදි කියා සිටියා. තව ද රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත් කළ උදය ආර්.සෙනෙවිරත්න විශේෂඥ කමිටුවෙහි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදේශක දුමින්ද හුලංගමුව ද සාමාජිකත්වය දැරූ බව රනිල් වික්‍රමසිංහ මෙහිදී සිහිපත් කර සිටියා.

ReeCha