මාලිමාවේ බොනිකර තරු පත්තු වෙයි! රනිල්ගේ අලුත්ම ෂොට් එක

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe UNP National People's Power - NPP
By Akash Mar 18, 2025 04:34 PM GMT
Akash

Akash

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට ආණ්ඩුව වෙතින් කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මගේ බඩ කපල අයින් කරන්නද? ඒක දෙයියෝ දීපු එක.. - චාමරගේ බඩ ගැන කෝප් කමිටුවේ ප්‍රශ්නයක්! -VIDEO

මගේ බඩ කපල අයින් කරන්නද? ඒක දෙයියෝ දීපු එක.. - චාමරගේ බඩ ගැන කෝප් කමිටුවේ ප්‍රශ්නයක්! -VIDEO

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්‍යාලය නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කරන අතර ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රජයේ වියදමින් ලන්ඩන් නුවරට 2023 වර්ෂයේදී කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැති බවද අවධාරණය කර තිබෙනවා.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නොමැති බවයි අදාළ නිවෙබ්දනය මගින් හිටපු ජංඅධිපථිවරයා පවසා ඇත්තේ. මෙම කරුණු හමුවේදී ද පැහැදිලි වන බවද එම නිවේදනයේ තවදුරාත් දක්වා තිබෙනවා.

සෙව්වන්දිගේ ලංසුව ලක්ෂ 12යි නම් දේශබන්දුගේ ලංසුව කීයද? (VIDEO)

සෙව්වන්දිගේ ලංසුව ලක්ෂ 12යි නම් දේශබන්දුගේ ලංසුව කීයද? (VIDEO)

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යය.

රනිල් වික්‍රමසිංහ මහතා 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කරනු ලැබීය. ප්‍රථම සංචාරය 2023 මැයි 09 වැනි දින කරනු ලැබුවේ iii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහාය.

දෙවැනි වර පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (IDU) 40 වැනි සංවත්සර සැසි වාරය සඳහා ලන්ඩන් නුවරට ගියේය. හවානා නුවර G 77 සමුළුවට සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවටද එක්වීමෙන් අනතුරුව ලන්ඩන් නගරයට පැමිණීම තුන්වැනි සංචාරයේදී සිදුවිය. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මහා බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රධානය කිරීමේ උත්සවය මේ දිනවලදී වුල්වර්හැම්ප්ටන්හිදී පවත්වන ලදී. ඒ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනා කර තිබූ අතර නිව්යෝක් නුවරට ගොස් පැමිණෙන අතර වාරයේදී හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගී වූයේය. මේ සංචාරවලදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් රැසක් හමුවීම ද සිදුකරනු ලැබීය. එසේම ජනපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ අතරතුරදී ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙරුණු රැස්වීම්, වැඩමුළු ආදියටද සහභාගී වූවාය. නිව්යෝක් නුවර සිට පැමිණ දිවා කාලයෙන් පසුව ලන්ඩන් නගරයෙන් පිටවීමට කලින් සැලසුම් කර තිබුණද එදින පස්වරුවේ හමුවීම් කිහිපයක් පැවැති බැවින් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණීම පසුදා තෙක් කල් දැමිණ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිලධාරීන්ගේ ලන්ඩන් සංචාරයක් සඳහා ප්‍රකාශිත ආකාරයේ අධික මුදලක් වැය වූයේ යයි පැවසීම අතිශය ගැටලු සහගතය. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නැති බව මේ කරුණ හමුවේදී ද පැහැදිලි වෙයි. ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රජයේ වියදමින් ලන්ඩන් නුවරට 2023 වර්ෂයේදී කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැත. ඒ පිළිබඳව කරන සියලු ප්‍රකාශ සාවද්‍යය ය

ReeCha