දමිතාගේ නඩුවට අධිකරණයෙන් දැන් ලැබුණු නියෝගය මෙන්න! (VIDEO)

Report

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (19) නියෝග කළ පරිදි, රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා සැප්තැම්බර් 23 වැනිදා කැඳවීමට නියම කර තිබේ.

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිඝනක අපරාධ කොට්ටාසය මගින් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

New UPDATE

දමිතාට සහ සැමියාට සහන....?

දමිතාට සහ සැමියාට සහන....?

අද (19) දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ, සැකකරුවන් දෙදෙනා සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු 9 සිට 12 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ අංශයේ පෙනී සිටිය යුතු යැයි පැවති කොන්දේසිය ඉවත් කිරීමට කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

මෙම නඩුවට අදාල ගනුදෙනුව සම්බන්ධ බව කියන වාහනය එහි ලියාපදිංචි අයිතිකරුට මුදා හැරීමට කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ද අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි-VIDEO

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි-VIDEO

එම වාහනය නඩු භාණ්ඩයක් හෝ අපරාධයකට සම්බන්ධ භාණ්ඩයක් බවට අධිකරණය හමුවේ සඳහන් කර නොමැති බැවින්, ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට අධිකරණයට හැකියාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.