රනිල් රටහැර රුසියාවට යයි හදිසි හමුවක් කැදවයි
එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායකත්ව කණ්ඩායම අතර හමුවක් සිදුවී තිබේ.
මෙම හමුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මල් වීදියේ කාර්යාලයේදී සිදුවිය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෙට රුසියාව බලා පිටත්ව යාමට නියමිත බැවින් මෙම හමුව හදිසියේ සංවිධානය කර ඇති බව වාර්තා වේ.
නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල රජයක් පිහිටුවීමේදී සහයෝගීතාවය සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බව සන්ධාන පක්ෂ ප්‍රකාශ කර තිබේ.
දෙමළ ප්රගතිශීලී සන්ධානය වෙනුවෙන් නායක මනෝ ගනේසන්, නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන් සහභාගී වූහ.